Ds ගුණසේකර ප්‍රවාහන ජාලය
- sarana
- Sep 20, 2017
- 1 min read

ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රවාහන ජාලය ලෙස DSG (pvt)ltd හදුන්වා දිය හැකිය. අද වන විට ලංකාවේ සෑම මාර්ගයකම Ds බස් රථයක් ධාවනය වනවා නොවනුමානය. දුර ගමන් සේවා මාර්ග බලපත්‍ර 100ට අධිකව බස් රථ 400 අධික සංඛ්‍යාවක් දැනට ධාවනයට එක් කර ඇති මෙම සමාගම මගියාගේ පහසුවත් කාර්යක්ෂම සේවා සැපයීමත් අරමුණු කරගෙන කටයුතු කරයි.
වසර 18ක සාඩම්බර අභිමානයෙන් යුතුව මාර්ග තර්ණයේ නියුතු DSG අනුරාධපුර නගරය මූලික කරගෙන ක්‍රියාත්මක වේ. මෙහි ආරම්භක අවදියේදී අනුරාධපුර සිට කොළඹ බලා එක් බස් රථයක් ධාවනය කෙරුනු අතර Ds පවුලේ කැපවීම හා උත්සාහය මත වසර 03ක් වැනි කෙටිකාලයකදී බස් රථ 45කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට ඔවුන් සමත් විය. එම බස් රථ සියල්ල අනුරාධපුර සිට කොළඹ බලා මාර්ග 03ක් ඔස්සේ ධාවනය විය.
අනුරාධපුර - දඹුල්ල - කොළඹ
අනුරාධපුර -ගල්ගමුව- කොළඹ
අනුරාධපුර -පුත්තලම- කොළඹ
අද වන විටද එම මාර්ග වල DSG බස් රථ වැඩි ප්‍රමානයක් ධාවනය වීම නොරහසකි.
මීට අමතරව බදුල්ල 99 කොළඹ, අනුරාධපුර 69 ඇඹිලිපිටිය, ඇඹිලිපිටිය 122 කොළඹ, අනුරාධපුර 02 මාතර වැනි දුර ගමන් සේවා ව්ශාල ප්‍රමානයක් ද DSG මගින් සිදුකරයි.
එමෙන්ම දක්ෂිණ අධිවේගයේ ආරම්භක ගමන් සගයෙකු වන DSG, සිය අධි සුඛෝපභෝගී බස්රථ විශාල ප්‍රමානයක් අධිවේගී මාර්ගය තුලද ධාවනය කරයි. ඒ අනුව...
ගාල්ල Ex01 මහරගම
මාතර Ex01මහරගම
කඩවතEx01මහරගම
ගාල්ලEx01 කොට්ටාව අතර ගමන් වාර රැසක් සිදුකරයි.
නවීන තාක්ෂණය, විශිෂ්ටත්වය සමග කැටිකර ගත් සුහදශීලි සේවයකට අපිත් ඔවුනට සුභපැතුම් එක් කරමු.
ඔබගේ අදහස් යෝජනා චෝදනා අපි අගය කරන්නෙමු.
මෙවැනි තොරතුරු ඔබ සතුව පවතී නම් සරණ-sarana, facebook පිටුවට inbox කරන්න.
චායාරූප අයිතිය මුල් අයිතිකරුවන් සතුය.









ඔබගේ අදහස් යෝජනා චෝදනා අපි අගය කරන්නෙමු.
මෙවැනි තොරතුරු ඔබ සතුව පවතී නම් සරණ-sarana, facebook පිටුවට inbox කරන්න.
Comments