top of page

දක්ෂිණ අධිවේගයේ එකම කාන්තා රියදුරුවරිය...

  • sarana
  • Aug 3, 2017
  • 1 min read

කාන්තාවක් විසින් බස් රථයක් ධාවනය කරනවා ඔබ දුටුවහොත් ඔබ මවිතයට පත්වේවි. නමුත් කොළඹ සිට මාතර දක්වා දිනපතා යන එන අයටනම් මෙය අරුමයක් නොවේ. මන්දටත් දක්ෂිණ අධිවේගයේ මෙම දර්ශනය අරුමයක් නොවීමයි.

මාතර Ex01 මහරගම දක්වා වූ අධිවේගී ගමන් මාර්ගයේ බස් රථයක් ධාවනය කල එකම කාන්තා රියදුරු වරිය ලක්ෂි සචින්තා ලෙස හැදින්විය හැකිය.

බස් රියදුරු රැකියාව කාන්තාවකට අභියෝගයක් වූ සමාජ ක්‍රමයක එම අභියෝගයන් සීමාවකට නොගෙන ජීවිතයට මුහුණදෙන මෙවැනි දිරිය කාන්තාවන් අප ඇගයීමට ලක්කල යුතුමය...

අධික තදබදයක් පවතින කොළඹ ප්‍රදේශවල බස් රථයක් රැගෙන යාම කාන්තාවකට නොව දක්ෂ පිරිමි රියදුරෙකුටද අභියෝගයකි.

එවන් අභියෝගී රැකියාවක නිරතවන මෙම දිරිය කාන්තාවට අතහිත දීමට රජය තුල හෝ සුවහසක් වූ සෝබන කාන්තා ව්‍යාපාර තුලද වැඩපිලිවෙලක් නොමැතිවීම ඇත්තටම කණගාටුවට කරුණකි.

මේ වන විට ඇය සතුව තිබූ මහරගම - මාතර ගමන් බලපත්‍රයද අහිමි වී ගොස් හමාරය. මේ වන විට ඇය මාතර සිට කොළඹ දක්වා කාර්යාලීය ප්‍රවාහන සේවයක් ආරම්භ කර පවත්වාගෙන යයි. (Nilani staff Service)

ඒ තුලින් ලැබෙන ආදායම ප්‍රමණවත් නොවුනද දිරියෙන් නැගී සිටීමට ඈ තුල වන ශක්තිය ඇයට ප්‍රමණවත් වේ.

දිරියෙන් ජය ගන්නට වෙරදරන ඇගේ උත්සාහය සාර්ථක වේවා..!

මෙවැනි විස්තර දැනගන්න පහත LINK එකෙන් අපගේ FACEBOOK පිටුවට LIKE කර අප හා එකතුවන්න.

කරුණාකර චායාරූප අයිතිය සුරකින්න.

වීඩියෝව:

 
 
 

Comments


Address

Maharagama, Sri Lanka

Follow

  • Facebook
  • Twitter
  • LinkedIn

©2017 by SARANA OFFICIAL. Proudly created with Wix.com

bottom of page