වසන්තයේ රජ ගමනකට හැඩවෙන දම් රැජිණී.
- sarana
- Aug 2, 2017
- 1 min read

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනයට අලුත් පරිචයක් එකතු කල සුන්දර බස් රථයක් ලෙස දම් රැජිණ බස් රථය හැදින්විය හැක. තරු පංතියේ හෝටලයක අසමසම අත්දැකීම ගමන් මගියාට ලබාදෙමින් කාර්යක්ෂම හා සුහද ශීලී සේවයක් ලබාදෙන දෙන මෙම රථය සුන්දර වළස්මුල්ල සිට කොළඹ දක්වා ගමන් කරයි.
පරණ පාර (03) ඔස්සේ කොළඹ දක්වා ධාවනය වන මෙම බස් රථය වළස්මුල්ල, ඇඹිලිපිටිය, රත්නපුර, අවිස්සාවේල්ල, කළුඅග්ගල, කඩුවෙල හරහා කොළඹ බලා දිනපතා ධාවනය වේ...
මගී ප්‍රවාහන සේවයේ හද ගැස්මට සමීප වූ මෙම බස් රථය පසුගිය මාස කිහිපය තුල අලුත්වැඩියා කටයුතු නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට වෙනත් බස් රථයක් ධාවනයට එක්කර තිබුනි.
Free Wi-fi, Cool box, Phone Charging, Water Tank, Tv and DVD ඇතුළු පහසුකම් වලින් සන්නද්ධ මෙම බස් රථය විකුම් Creation ආයතනය මගින් Luminus sticker යොදා අලංකරනය කර ඇත.
පසුගිය කාලය තුල මෙම බස් රථය අනුකරණය කල බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනයට එක් කර තිබුණද "කොපි කල හැක. සම කල නොහැක" සංකල්පය යථාර්තයක් කරමින් තවදුරටත් රාජ්‍ය තුල රැජිණ ඇය බව ඔප්පු කරමින් ඇය හැඩවී ඇත.
බස් රථයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර සුපුරුදු ආඩම්බරයෙන් කොලොම්තොටට පියඹන්නට ඈ මග බලා සිටී..
(..චායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය..)






comments your ideas and suggestions...
Comments