නිළමෙ වැන්දහම ඇදුමට වෙනඅගෞරවය
- sarana
- Jul 31, 2017
- 1 min read

ඔය ඇදුම ඇදලම තමයි 1815 තෑගි ඔප්පුවකින් සුද්දට රට පාවලා දුන්නේ. ඔය ඇදුම ඇදලම තමයි කරල්ලියද්දේ ඇහැලේපොල කුමාරිහාමි ගැන කේලම් කියලා ඒ ගෑණිව නුවර වැවට තල්ලු කෙරෙව්වේ. ඔය ඇදුම ඇදලම තමයි ඇහැලේපොල රජ්ජුරුවන්ට තෑගි දෙන්න කඩුවයි ඔටුන්නයි හද්නකොට " අන්න අරූ රජකම ගන්න ඔටුන්නයි කඩුවයි හදනවා කිව්වේ. නායක්කාර දෙමල හැතිකරේ මහ ලොකු රෙද්දෙ නිලමේ ඇදුම. ගිනිතියලා විනාස කරලා දාන්න ඕන. - හංසිනි ආටිගල පසුසටහන - සුමිරාන් නිළමේ බිරිඳට වැදීම ගැන සංවේදී වන අපට ඔය නිලමේ ඇදුමපිටින් දියවඩනලා, ගජනායකලා සහ බස්නායකලා කරන පාහර වංචාවන් පිළිබඳව කිසිදු තැකීමක් නැත. ඒ ගැන සොයන්නට වෙලාවක්ද නැත. නිළමේ ඇදුම ආදරය, ප්‍රහසනය සහ ප්‍රේමණීය විනෝදය පිණිස යොදාගැනීම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, දෙවිදේවතාවුන් වහන්සේලාගේ සහ සංස්කෘතියේ නාමයෙන් මිනීමැරීමට, වංචා කිරීමට සහ බලය අවභාවිත කිරීමට යොදාගැනීමට වඩා බොහෝ යහපත් බව අප අනාගත පරපුරට කියාදිය යුතුය. සුභ මංගලම් Sumiran & Nawodya
පසු ලියමන(සුමිරාන්):
ඔය ඇදුම ඇදලා නිලමෙලා වටේම ගෑනුන්ට ලමයි දෙද්දි ගෙදර උයන ගෑනිටවත් ඉන්න නොදෙද්දි මම මගේ බිරිදට ඇත්තට වේවා විහිලුවට වේවා මෙහෙම දෙයක් කරාට වරදක් නෑනේ....ලංකාවනේ.....මිනිස්සුනේ.....විරැකියාවනේ......පොල් ගස් නොපෙනී නෑනේ....කෙඳි ලොකුවට පෙනෙයිනේ.....මට ගානක් වත් නෑනේ.....රට දියුනුනම් වෙන්නෙම නෑ නේ...
උපුටා ගැනීම Shane Mahendra Priyawickrama
Komentar