top of page

ත්‍රිකුණාමළයේ තෙල් ටැoකි අර්බුදයේ යථාර්ථය

  • sarana
  • Jul 28, 2017
  • 2 min read

ත්‍රිකුණාමළයේ තෙල් ටැoකි සoකීර්ණය 1924 දී ආරම්භ කර 1930 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සැදූවකි. අක්කර 850 ක් පුරා පැතිර අඟල් 1 ක ඝණකමින් යුත් වානේ වලින් තැනූ ටැoකි 101 ක් පවතියි. 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව අත්හැර දැමූ මෙම ටැoකි සoකීර්ණයෙන් ටැoකි 15 ක් පමණක් ලoකා පෙට්‍රෝලියම් සoස්ථාව භාවිතා කරයි. ඉතිරි ටැoකි වලින් 1ක් 1960 දී සිදුවූ ගුවන් හමුදා යානා අනතුරකින් විනාශ විය. 1987 දී ඉන්දු ලoකා ගිවිසුම යටතේ මේ ටැoකි වලින් 10ක් පමණ ඉන්දියාවට බදු දුන්නා. ඒක එහෙම කරන්න වුනේ ඒකාලේ මේ ටැoකි පිළිබඳව ඇමරිකානු නාවුක හමුදාව උනන්දුවක් දක්වන බවට පැතිරුනු කටකතා නිසා ඉන්දියාවට ඒ සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවයක් ඇතිවුන බවයි මගේ නම් හැඟීම. කොහොම උනත් භූ දේශපාලන සාධක වලට අනුව මේ ටැoකි වෙනත් ලෝක බලවතකුගේ අතට පත්වීමට ඉන්දියාව අකමැතිවීම අප ස්වභාවික හේතුවක් ලෙස සාධාරණව පිලිගන්න අවශ්‍යයි.ඉතින් දැන් අවුරුදු 69 ක කාලයක් ටැoකි 80 ක් විතර කිසිම ආදායමක් හෝ ප්‍රයෝජනයක් නැතිව දිරාපත් වෙමිනුයි තිබෙන්නෙ. ඒවා ප්‍රථිසoස්කරණයට පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් හෙවත් රුපියල් බිලියන 600 ක් විතර අවම වශයෙන් අවශ්‍යයි. දැන් තෝරාගැනීම් දෙකක් ඉතිරිව තිබෙනව. එක්කෝ ගම්පෙරලිය නවකතාවේ වගේ වoසෙ කබල් ගගා වලව්වත් විකිනෙන තැනට යන්න පුළුවන්. නැත්නම් සල්ලි යොදවන්න කැමති ආයෝජකයෙක් ගෙන්නගෙන දෙගොල්ලටම යම් වාසියක් එන ගනුදෙනුවකට යන්න පුලුවන්. වෙළඳ ගිවිසුම් වලදී නෝනට ගැළපෙන පාටත් ඕනැ, පට් පට් ගලා වේලෙන්නත් ඕනැ වැනි හැම දෙයක්ම අපට අවශ්ය විදියට කර ගන්ට හැකියාවක් නෑ. වාසියක් වෙනුවෙන් අපට අවාසියක් අත් විඳින්ට වෙනව. ගණු දෙණු කියන්නෙ ඒකනෙ. එය ස්වාභාවිකය.අපට හොඳ හා නරක අතුරින් නම් තෝරා ගැනීමක් කිරීම පහසුය. හැබැයි නරක දෙකක් අතුරින් තෝරා ගැනීම අපහසුය. මේ ගිවිසුම මගින් කර ඇත්තේ නරක දෙකකින් එකක් තෝරා ගැනීමයි. එහෙම නැත්නම් ප්‍රායෝගික විකල්ප අතරින් හොඳම විකල්පයට යාමයි. මට හිතෙන්නේ එය නරක අඩුම ප්‍රායෝගික විකල්පය බවයි. ඔය ටැංකි සම්බන්දව ලංකාවට ඔප්ෂන් කිහිපයයි තියෙන්නේ.එකක් ඉන්දියාව එක්ක දියුණු කරන එක. අනික ලoකා ඛණිජ තෙල් සoස්ථාවට පවරල දෙන එක. හැබැයි හතර අතේ නයවෙච්ච ඛනිජතෙල් සoස්ථාවට බෑ රුපියල් බිලියන 600 ආයෝජනය කරන්න.අනික ඉන්දියාව -ලංකාව සහ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවන වෙනත් රටක් එක්ක දියුණු කරන එක. මොකද 1987 ඉන්දු ලංකා ගිවිසුමේ එකඟ වෙච්ච කාරණා අතර තියෙනවා. එතකොට වෙන රටක් ගාව ගන්ඩ නං ඉන්දියාව එක්ක එකතු වෙලා තමා කරන්ඩ ඕනේ. දැන් තියෙන්නේ ඕක කැලේට වෙන්ඩ අරිනවද නැත්තන් ඉන්දියාව එක්ක එකතු වෙලා දියුණු කරනවද කියල තීරණය කරන එක. ඉතින් එක එක දේශපාලන අරමුණු වෙනුවෙන් අකාලෙ ආන්ඩු පෙරලන්න උත්සාහ කරන අයගෙ ප්‍රචාරයන්ට ගොදුරු නොවී ඇත්තටම මේ රටට ආදරය කරන මිනිස්සු විදියට හිතුවොත් අපට ඉතුරුවෙලා තියෙන එකම ප්‍රායෝගික විකල්පය මේකයි.මේ ලිපිය ලිව්වෙ හොරට බුදියගෙන ඉන්න අය ඇහැරවන්න නම් නෙවෙයි. ඒත් ඇතැම් ප්රායෝගික නොවන සමාජවාදී චින්තනයට හිරවෙලා ඔලුව කුරුවල් කරගෙන ඉන්න ඇත්තටම අවoකවම රටට ආදරේ පිරිස වෙනුවෙන්.

(උපුටා ගැනීමකි.)

 
 
 

Comments


Address

Maharagama, Sri Lanka

Follow

  • Facebook
  • Twitter
  • LinkedIn

©2017 by SARANA OFFICIAL. Proudly created with Wix.com

bottom of page